විශාඛා ගීත නාටකය

විශාඛා ගීත නාටකය

විශාඛා විද්‍යාලයීය අභිමනාවත් සියවස් සැමරුමට සමගාමීව ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ විශාඛා ගීත නාටකයට අනුව කේ. බී. හේරත් සූරින් විසින් ප‍්‍රතිනිර්මාණය කරන ලද විශාඛා ගීත නාටකය, 2017 නොවැම්බර් 01වෙනි බදාදා කමලා කපිලසේන මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ද, නොවැම්බර් 02 වෙනි බ‍්‍රහස්පතින්දා ලලිතා ගුණරත්න මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ද සවස 6.30 ට විද්‍යාලයීය ජෙරමියෙස් ශාලාවේ දී වේදිකා ගත කරන ලදි.

බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ඨ චරිතයක් වූ විශාඛා සිටු දියණියගේ චරිතයේ පූර්වාදර්ශ වන කාන්තාවකට අවශ්‍ය ශික්ෂණය, සංවර්ධනය, අභියෝග ජයගැනීමේ ආත්ම විශ්වාසය මෙන්ම පරිත්‍යාගශිලිත්වය ද මෙමගින් මනා ලෙස නිරූපණය කෙරිණි. 1959 ප‍්‍රථමයෙන් ම වේදිකා ගතවූ විශාඛා ගීත නාටකය එවකට විදුහල්පතිනිය වූ සූසන් ජෝර්ජ් පුලිමුඞ් මැතිණියගේ ආරාධනයෙන් ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහගේ නිර්මාණයකි. එවකට ගුරු මණ්ඩලයේ සිටි ඩේසි කරවිට මෙනවියගේ නොමසුරු දායකත්වය ද මෙම ගීත නාටකයට හිමි වුනි. පසුව විශාඛා විද්‍යාලයීය සවර්ණ ජයන්තිය වෙනුවෙන් 1967 වසරේ දී ද, වජ‍්‍ර ජයන්තිය වෙනුවෙන් 1992 වසරේදී ද, වරස 90ක් පිරීම නිමිත්තෙන් 2007 දී ද විශාඛා ගීත නාටකය රඟ දැක්විනි.